ක්‍රිකට් පිත්තක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් නාවලපිටිය ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ඝාතනය කර තිබෙනවා.
මෙම සිදුවීමෙන් මියගොස් සිටින්නේ, නාවලපිටිය මොන්ටි ක්‍රිස්ටෝ වත්තේ පහළ කොටසේ ජීවත් වූ ස්ටැන්ලි ස්ටෙෆ් ෆිල් නම් 13 හැවිරිදි පාසල් සිසුවෙකි.
සිසුන් දෙදෙනා පාසල් මිතුරන් වන අතර, පසුගිය දිනක ඔවුන් එම වත්තේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ගොස් තිබෙන බව සඳහන්.
නමුත් ඒ ගිය අවස්ථාවේ ක්‍රිකට් පිත්ත සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් දෙදෙනා අතර බහින්බස්වීමත් ඇතිව තිබෙනවා.
එම අවස්ථාවේ මිය ගිය සිසුවාට ක්‍රිකට් පිත්තකින් පහරදී ඇතැයි සඳහන්.
බරපතළ තුවාල ලැබූ සිසුවා කඩිනමින් රෝහල්ගත කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 29වැනිදා මිය ගොස් තිබෙනවා.
ඒ අනුව ක්‍රිකට් පිත්තෙන් පහර දුන්නේ යැයි කියන සිසුවා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.(source – monara)

