Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිහිසුණු රිය අනතුරක්! අත් ට්‍රැක්ටරයක් කෑලිවලට කැඩී යයි!

3 years ago

කටුනායක ගුවන් තොටුපලේ සිට විදේශිය සංචාරකයින් පිරිසක් රැගෙන එමින් තිබූ වෑන් රථයක් යාපනයේ නුනාවිල් ප්‍රදේශයේදී අත් ට්‍රැක්ටරයක් පිටුපස ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

සිදුවු මෙම අනතුරින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව හතර දෙනෙකු තුවාල ලබා ඇති බවට වාර්තා වනවා.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු වූ යාපනයේ කොණ්ඩාවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෑන් රථයේ රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදුව අති බව අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන චාවාකච්චේරී පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් පවසා සිටියා.

අනතුර හේතුවෙන් අත් ට්‍රැක්ටරය කැබලි කීපයකට කැඩී ගොස් එහි රියදුරුද තුවාල ලබා තිබෙනවා.

වෑන් රථය තුළ සිටි විදේශිකයින් පස් දෙනාගෙන් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙන බවත් එ් අතර එක් අයෙකු කුඩා දැරියක් සිටින බවටත් වාර්තා වනවා.