Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමති හරීන් ඔන්ලයින් පනත භාවිතයට ගනියි! අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට වැඩ වරදී!

3 years ago

තමන් සම්බන්ධයෙන් සිදු කරන අසත්‍ය ප්‍රචාර වලට එරෙහිව පියවර ගන්නා ලෙස සංචාරක, ඉඩම් හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඊයේ(03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අමාත්‍යවරයා මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ මාර්ගගත ආරක්ෂණ පනතේ විධිවිධාන වලට අනුකූලවයි.
“මේ සම්බන්ධයෙන් මම පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා. මාර්ගගත ආරක්ෂණ පනතේ විධිවිධාන යටතේ මම පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. වීසා නිකුත් කරන ඉන්දීය සමාගම පිටුපස සිටින පුද්ගලයා මම බව පවසමින් අන්තර්ජාලයේ අසත්‍ය පෝස්ට් පළකර තිබෙනවා. ගුවන් තොටුපළවල් තියෙන්නේ, නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා යටතේ පවතින සිවිල් ගුවන් සේවා අධිකාරිය යටතේ. ආගමන විගමන කටයුතු ඇමැති ටිරාන් අලස්ගේ විෂය පථයට අයත් වෙනවා. මගේ කිසිම සම්බන්ධයක් නැහැ. ගුවන් තොටුපල කළමනාකරණය සහ ආගමන විගමන ක්ෂේත්‍ර දෙක එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර දෙකක්.”