Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෙසක් පොහොයෙන් පසු ශ්‍රී පාදය විදේශිකයන්ට පමණක් විවෘත වෙයි

3 years ago

ශ්‍රී පාද වන්දනා සමය වෙසක් පොහොය දිනයෙන් අවසන් වීමට නියමිතය.

ශ්‍රී පාද වන්දනා සමය අවසන් වීමෙන් පසු අවාරයේ සිරිපා කරුණාව සඳහා විදේශීය සංචාරකයින්ට පමණක් අවසර ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව විදේශිකයන් හැර අන් කිසිඳු පුද්ගලයෙකුට අවාරයේ සිරිපා කරුණාව සඳහා අවසර නොලැබෙනු ඇත.

අවාරයේ ශ්‍රී පාදයේ සංචාරය සදහා පැමිණෙන මෙරට පුද්ගලයන් පුදබිමට සහ අවට පරිසරයට සිදුකරන හානිය සැලකිල්ල ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

ශ්‍රී පාද වන්දනා වාරය මේ මස 24වැනිදා වෙසක් පොහොයෙන් අවසන් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සඳහා පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් මේ බව පවසා ඇත.