Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සහල් නොදුන්නාට උරණ වූ කාන්තාවක් ග්‍රාම නිළධාරිනියට පහර දීලා!

3 years ago

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් ග්‍රාම නිලධාරීවරියට පහරදී තිබෙනවා.

මෙම පහර කෑමට ලක් වූ ග්‍රාමනිළධාරීවරිය ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ පනාපිටිය දකුණ ග්‍රාම සේවා වසම භාර නිලධාරීවරියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පහරදුන් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.