සිය දරුවා අමානුෂික වද හිංසා පමුණුවමින් විදෙස්ගත මවගෙන් මුදල් ඉල්ලූ පිය පදවියටත් නිගරු කළ පුද්ගලයෙකු පිළිබඳව පුවතක් බලන්ගොඩ පෙට්ටිගල වතුයායෙන් වාර්තා වනවා.
මෙම වතුයායේ ජීවත් වූ 21 හැවිරිදි මදුෂිකා මීට මාස හයකට පමණ පෙර විදේශගත වී තිබින්නේ තම සිව් හැවිරිදි දැරියගේ අනාගතය වෙනුවෙනි.
ඇය විදෙස් ගත වීමට ප්‍රථම සිය දරුවාගේ භාරකාරීත්වය සැමියාට පවරා තිබිණි.
නමුත් වැඩි කලක් ගතවීමටත් පෙර දැරියට ඉතා අමානුෂික ලෙස ශාරීරික හිරිහැර කරන පියා ඒවා වීඩියෝ කර බිරිඳට හා සමාජ මාධ්‍යයට මුදා හැරීමට කටයුතු කර තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව අසල්වාසීන් විසින් පොලිසිය දැනුවත් කිරීමත් සමග පොලිසිය විසින් පියාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු පොලිසියට පවසා තිබෙන්නේ විදේශගත වූ බිරිඳගෙන් මුදල් ගෙන්වා ගැනීමේ අරමුණින් දැරියට හිරිහැර කළ බවයි.
පියා බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
දැරිය මේ වන විට බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

