හංවැල්ල, ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේදී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම දරුවන් දෙදෙනාද මුදාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
ඊයේ (05) රාත්‍රී කාලයේ මෙම පුද්ගලයා තම බිරිඳ ඝාතනය කිරීම සඳහා අත්බෝම්බයක් ද රැගෙන සිය නිවස වෙත පැමිණ ඇති බව සඳහන් වේ.
එම අවස්ථාවේ බිරිඳ නිවසින් පිටතට පැන දිවි ගලවාගෙන ඇති අතර ඉන් කෝපයට පත් පුද්ගලයා සිය දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස ප්‍රාණ ඇපයට ගෙන තිබුණේ වයස අවුරුදු දහයක දැරියක් හා වයස අවුරුදු දෙකක කුඩා පිරිමි දරුවෙකි.
හංවැල්ල පොලිසියට මේ පිළිබඳව තොරතුර ලද වහාම පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයද කැඳවීමට කටයුතු කර තිබුණා.
ඒ අනුව පැයක පමණ මෙහෙයුමකින් අනතුරුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන දරුවන් දෙදෙනා නිරුපද්‍රිතව මුදා ගැනීමට හැකි වූ බවයි පොලිස් නිලධාරීන් සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

