රජයේ නිළධාරීන් පිරිසකට වාහන පර්මිට් ලබාදීමට චක්‍රලේඛයක්
වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර තිබේ.
අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කිරිම හේතුවෙන් එම කාලය තුළ අවුරුදු 60න් පසු විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා මෙම තීරුබදු සහනය ලබාදීමට නියමිතය.
ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකට අනුවය.
පසුගිය මාර්තු 11 වනදා රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබීය.
ඒ අනුව දීප ව්‍යාප්ත රාජ්‍ය සේවයේ හෝ දෙපාර්තමේන්තු සේවයක (i) පන්තියේ විශ්‍රාමික නිලධාරීහු, රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍ය නිලධාරීන්ගේ සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීහු, (i) ශ්‍රේණියේ රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරු සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ අධිකරණ නිලධාරීන් මේ සඳහා සුදුසුකම් ලබා ඇත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ අත්සනින් යුතුව අප්‍රේල් 25 වන දා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

