Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උතුරු මැද පළාත් සභාවේ කලබලයක්! 22ක් අත්අඩංගුවට!

3 years ago

උතුරු මැද පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔවුන් විසින් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වැටලීමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන්.

මෙම අවස්ථාවේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් එම ගොඩනැගිල්ල තුළ සිට ඇති අතර කිසිවෙකුට එම ගොඩනැගිල්ලට ඇතුළුවීමට හා පිටවීමට නොහැකි වන ආකාරයට උද්ඝෝෂකයින් විසින් දොරටුව අවහිර කරමින් උද්ඝෝෂණය කර තිබෙනවා.

මෙම උද්ඝෝෂණය නොපවත්වන ලෙස පොලිසිය මගින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබූ අතර එම ස්ථානයට පොලිසිය කැඳවා උද්ඝෝෂකයින් ඉවත් කිරීමට කටයුතු කළ ද එහිදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරීන් විසි දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ.

ඒ අතර කාන්තාවන් 11 දෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන්නේ මෙම උද්ඝෝෂකයින් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.