Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දහසක් බලාපොරොත්තු සිත් තුළ දරා ගෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නිවසින් පිටත් වූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

3 years ago

බලංගොඩ – මාරතැන්න ප්‍රදේශයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි සිසුවෙක් අද (06) පෙරවරුවේ ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙම සිසුවා පාසලට යාමට පෙර ආශිර්වාද ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ කෝවිලකට ගොස් තිබෙනවා.

කෝවිලට ගිය අවස්ථාවේදී පපුව රිදෙන බව තම පියාට පැවසු හරිනාත් එම ස්ථානයේ බිම ඇලවී තිබේ. ආගමික චාරිත්‍ර ඉටු කිරිමටත් පෙර ඔහු හදිසියේ අසනිප වී තිබේ.

පසුව අසළ සිටි ආරක්ෂක නිළධාරියෙකුගේද සහය ඇතිව සිසුවා ඔහුගේ පියා විසින් ත්‍රීරෝද රථයකින් මාරතැන්න ප්‍රාදේශීය රෝහලට රැගෙන විත් තිබේ.

එහෙත් සිසුවා රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බව රෝහලේ බලධාරීයෙකු පැවසීය.

මියගිය දරුවාගේ මෘත දේහය මාරතැන්න ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.