මෙරට රුපවාහිනී මාධ්‍ය කලාවේ පෙරළියක් ඇති කරමින් සිංහල ප්‍රවෘත්ති විකාශයක් කෘත්‍රිම බුද්ධිය (AI තාක්ෂණය) භාවිත කරමින් ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමට ජාතික රූපවාහිනිය පියවර ගත්තේය.
පසුගිය 05 වනදා රාත්‍රී 8 ප්‍රවෘත්ති විකාශය රූපවාහිනියේ ප්‍රධානතම නිවේදකයන් යුවළක් වන නිශාදි බණ්ඩාරනායක සහ චමින්ද ගුණරත්න විසින් ඉදිරිපත් කළ නමුත් එහි දී ඒ සඳහා යොදා ගැනුණේ එම දෙදෙනාගේ අනුරුවකි.
කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් සිංහල භාෂාවෙන් ප්‍රවෘත්ති විකාශනය කළ පළමු අවස්ථාව මෙයයි.
මෙය මෙරට මාධ්‍ය තුළ වැදගත් සන්ධිස්ථානයක් වීම විශේෂත්වයකි.



