Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විභාග දෙපාර්තමේන්තුව දෙකඩ වෙයි! විභාග පැවැත්වීමට තවත් ආයතනයක්!

3 years ago

පාසල් විභාග හැර සෙසු ආයතනික විභාග පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව වාර්තා වනවා.

ඒ අනුව මේ වන විට අයදුම්පත් කැඳවා තිබෙන සංවර්ධන නිළධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය මෙවර ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය යටතට ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසනවා.

පාසල් නොවන විභාග සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනටම විභාග දෙපාර්තමේන්තුවට ලිඛිත දැනුම් දීමක් කර තිබේ.

අමාත්‍යාංශය මෙම දැනුම් දීම කර ඇත්තේ රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවල බඳවා ගැනීමේ තරග විභාග වෙනමම නව රාජ්‍ය සේවා විභාග මණ්ඩලයක් මගින් සිදු කිරීමේ ක්‍රමවේදය පිළිබඳ අධ්‍යයනය කර වාර්තාවක් මාස තුනක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කරවීම සඳහා ඇමැති මණ්ඩලය විසින් පත් කරන ලද අධීක්ෂණ කමිටුවේ සභාපති, අගමැති ලේකම් අනුර දිසානායක විසින් කරන ලද දැනුම් දීම අනුවය.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව පාසල් විභාග පැවැත්වීම පිණිස මූලික අවධානය යොමු කිරීමට නියමිතය.

වසරකට ආයතනික විභාග තුන්සියයකට වැඩි ප්‍රමාණයක් විභාග දෙපාර්තමේන්තුව පවත්වයි.