පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර දින 15කට පසුව හමුවී තිබෙනවා.
ඔහුගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ කැලෑවක තිබියදී සොයා ගත් බව පොලිසිය පවසයි.
මෙම තරුණයා අතුරුදහන් වී තිබුණේ පසුගිය අප්‍රේල් මස 22 වනදායි.
ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඔහුගේ බිරිඳ හා දරුවාද සමඟ ප්‍රදේශයෙන් අතුරුදහන් වීම ඔස්සේ එම පරීක්ෂණ කටයුතු මෙහෙය වූ පොලිසිය පවසයි.
මෙම අපරාධයට අනුබල දුන්යායැයි සැකය මත වැලිමඩ හා කැප්පෙටිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු සිදුකර තිබූ බව පැවසු නිහාල් තල්දූව මහතා, ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් ලද තොරතුරු මත තවත් සැකකුරුවෙකු අත්අඩංගුවට ගත් බව ද පැවසීය.
ඒ අනුව අතුරුදන්ව ඇති තරුණයාව ඝාතනය කර ඇති බවට අනාවරණය වූ නමුත් එය සිදුකළ ආකාරය හෝ එයට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව ද නිහාල් තල්දූව මහතා කියා සිටියේය.
මීට අමතරව අදාළ තරුණයා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් පළාගොස් සිටි ප්‍රධාන සැකකරු ඊයේ (06) කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් වූ බවද පැවසු නිහාල් තල්දුව මහතා, මෙතෙක් ඝාතනය සිදුකළ පුද්ගලයා පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැති බව ද පැවසීය.



