Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිවසේ පවතින අශුභ ලක්ෂණ

ඔබේ නිවසේ පවතින අශුභ ලක්ෂණ ගැන ඔබ දැනුවත් ද?

3 years ago

නිවසක්  ඉදිකිරීමේ දී හෝ නිවසක් අලුතින් මිලදී ගැනීමේ දී හෝ දැනටමත් නිවසක පදිංචි ඔබ තම නිවස තුළ පවතින අශුභ දේවල් ගැන දැනුවත් වෙමු.

ඔබගේ නිවසේ බිත්ති හතරක් එක තැනින් බෙදී යාම සුභ නොවන අතර උළුවහු මැදට යට ලී පැමිණීමද අශුභය.

ඒ වගේම ඔබේ නිවසේ ජනේලය මැදට යටලී පැමිණීම අශුභ වන අතර නිවසේ බිත්ති සමානව දෙකට බෙදී යන පරිදි මුදුන් යටලීය හරි මැද තැබීමද අශුභය.

 ඒ විතරක් නෙවෙයි ඔබේ නිවසේ මුදුන් යට ලීය,උළුවස්සට හරි මැද තියෙයි නම් ජනේලයක හරි මැද තියෙයි නම් උළුවහු කඳකට හරි කෙලින් තියෙයි නම් ජනේලයක හරිමද කෙලින් තියෙයි නම් එය සුභ ලකුණක් නොවේ.

ඒ වගේම ඔබේ නිවසේ ප්‍රධාන බිත්තිය හරහා මුදුන් යටලීය බිත්තිය හරි මැදදී එකට පුරුද්දා පරාල ඇණ ගැසීම හොඳ නැත.

ඔබේ නිවසේ මුදුන් යට ලියට කෙළවරින් පරාල තුනක් එකට සම්බන්ධ කරලා නම් තියෙන්නෙ එය අසුභය. නිවසක බ්‍රහ්ම පාදය නිවසේ හරි මැදින් පිහිටා ඇත. ඒ අපවිත්‍රව පවතිනම් දරුණු දුක් කරදර වලට මුහුණ දීමට සිදුවිය හැක.සතුටින් පිරුණු නිවසක් සදහා බ්‍රහ්ම පාදය පිරිසිදුව තබා ගැනීම ඔබෙත් ඔබේ පවුලේත් අභිවෘද්ධිය නංවාලයි.