Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඕස්ට්‍රේලියාවට යන්න සිහින දකින්නන්ට දුක්බර පුවතක්! තවත් බාධාවක් වැටෙයි!

3 years ago

ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගැනීම සඳහා පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සිය වීසා ලබාගැනීමට ඔවුන් සතුව තිබිය යුතු “ඉතුරුම් මුදල” නැවතත් වැඩි කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

එමෙන්ම ඉතුරුම් ගිණුම් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබා දී ඇති බව හෙළිවුවහොත් දැඩි පියවර ගැනීමට ද ඔවුන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම සිකුරාදා (10) සිට ජාත්‍යන්තර සිසුවෙක් ඔස්ට්‍රේලියානු වීසා සඳහා අයදුම් කිරීමට සිය ඉතුරුම් ගිණුමේ ඔස්ට්‍රේලියානු ඩොලර් 29,710 ($19,576)ක් ඇති බවට තහවුරු කළ යුතුය.

ඔවුන් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ද මෙම මුදල ඉහළ දැමීමට පියවර ගත්තේය.

එහිදී අවශ්‍ය ඉතුරුම් මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 21,041 සිට 24,505ක් දක්වා ඉහළ දැමීය.

එරටට පැමිණෙන සංක්‍රමණිකයෙන් සංඛ්‍යාව සීමා කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජාත්‍යන්තර සිසුන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීම ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම ආදායම් මාර්ගයකි.