අඛණ්ඩ සංවර්ධනය තුළින් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් ජාතික ගුරු සභාවක් පිහිටුවීමට තීරණය වී තිබේ.
මේ සඳහා වන මූලික කෙටුම්පතද සකස් කර තිබෙනවා.
ඒ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමගින් පැවැත් වූ සාකච්ඡාවලින් අනතුරුවයි.
ඒ අනුව ජාතික ගුරු සභාව පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත විසින් කරන ලද යෝජනාවකට ඇමැති මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.



