Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අලුතින් ග්‍රාම නිළධාරීන් 2100ක් බඳවා ගැනේ

3 years ago

නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත් 2100ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (08) සිදුකර තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ අද (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී මෙම පත්වීම් ලිපි ප්‍රදානය සිදුකළ බවයි.

විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් මස 02 වනදා පවත්වන ලද ග්‍රාම නිලධාරී විභාගයේ ප්‍රතිඵල අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩිම ලකුණු ලබාගත් අයැදුම්කරුවන් අතරින් 2100 දෙනකු වෙනුවෙන් මෙසේ ග්‍රාම නිලධාරී පත්වීම් ප්‍රදානය සිදුකෙරිණි.