Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක භාවිතා කළ කොවිඩ් එන්නතකින් අතුරු ආබාධ ඇතිවන නිපද වූ සමාගම අධිකරණයේදී පිළිගනියි!

3 years ago

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා ලබා දුන් ඇස්ට්‍රා සෙනෙකා එන්නත හරහා අතුරු ආබාධා සිදු වන බවට අනාවරණ වී තිබෙනවා.

ඒ, එම සමාගම විසින් උසාවියට ඉදිරිපත් කර ඇති ලිපි ලේඛනවලින්.

මෙම එන්නත ලබා ගත් අයගේ රුධිර කැටි ගැසීම් සහ රුධිර පට්ටිකා ගණන අඩු වී ඇති බවට හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ජේමි ස්කොට් නමැති දෙදරු පියෙකු විසින් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා ගැනීමෙන් අනතුරුව අතුරු ආබාධ ඇති වූ බවට පවසමින් නඩු පවරා තිබුණා.

රුධිර කැටියක් සහ මොළයේ ලේ ගැලීමක් වර්ධනය වීමෙන් පසු ස්ථිර මොළයේ තුවාලයක් සිදු වූ බව සඳහන්.

එහි දී නීතීඥවයින් තර්ක කර සිටියේ, එය පවුල් කුඩා සංඛ්‍යාවකට විනාශකාරී බලපෑමක් සිදු කර ඇති බවයි.

බ්‍රිතාන්‍ය මහාධිකරණයේ AstraZeneca සමාගමට එරෙහිව නඩු 51ක් ගොනු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

වින්දිතයන් සහ ශෝකයට පත් ඥාතීන් පවුම් මිලියන 100 ක් පමණ වන්දියක් බලාපොරොත්තු වන බව ද සඳහන්.(source – monara)