වෛද්‍යවරුන්ට ලබාදුන් රු. 35,000ක ‘ඩැට්’ දීමනාව තමන්ට ද ලබා දී ආර්ථික යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් හෙට (09) සිට යළි පළාත් මට්ටමින් සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල වැඩ වර්ජන ආරම්භ කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණයක් ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මාස 04ක් පුරා රජයෙන් ඉල්ලීම් කළත් සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ තාක්ෂණික වාර්තාවට අනුව දීමනාව ලබාදෙන බවට වූ ලිඛිත පොරොන්දුව ඉටු නොවීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති 72කින් සැදුම් ලත් වෘත්තීය සමිති සන්ධානය ඊයේ (07) මෙම තීරණයට එළැඹ තිබෙනවා.
ඒ අනුව හෙට දිනයේ උතුරු මැද පළාතේ රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ සඳහා තවදුරටත් නිසි ප්‍රතිචාර නොලැබෙන්නේ නම් මෙම මස 22 දා සිට නැවත දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට ද සිය සමිති සන්ධානය තීරණය කළ බව එහි කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියා.

