Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

3 years ago

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන පාර්ලිමේන්තුවට පැමිණියේය.

මේ වනවිට ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටී.

එම කතාවේදී පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රී ධූරයක් තිබියදී වුවත් කිසිම කොන්දේසියක් නොමැතිව තමන් රට බාරාගත්තේ නිසි සැලැස්මක්, අත්දැකීම් සහ ජාත්‍යන්තර සම්බන්ධතා තිබු නිසා බවත්, ඒ හමුවේ අපායට වැටී තිබු රට ගොඩගත හැකිය යන විශ්වාසය තමන්ට තිබූ බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම, මෙම වසරේ ආර්ථික වර්ධනය 3%ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, විවිධ දේශීය සහ විදේශීය,මුල්‍ය ආයතනද ඒ හා සමාන පුරෝකථන ඉදිරිපත්කර ඇති බවත් ඔහු පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළා.

මේ වන විට රටේ උද්ධමනය 1.5% ක අගයකට පහළ වැටී ඇති අතර වසර ගණනක් තිස්සේ හිඟයක් ලෙස පැවති ප්‍රාථමික ගිණුමේ ශේෂය, 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.6 ක අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකිවී තිබෙන බවත්, දශක ගණනාවකට පසුව ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් 2023 වසරේ ඇතිව තිබෙන අතර, පොළී අනුපාතය 10%-13% මට්ටමට පහළ වැටී ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

ණය ප්‍රතිකරණ වැඩපිළිවෙල මුලික අංශ තුනක් හරහා සිදුකළ බව පැවසු ජනාධිපතිවරයා පළමුවෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට යොමු වීම බව ද කියා සිටියේය.

එම කාර්ය 2023 වසරේ දී අවසන් කළ බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

දෙවැන්න වුයේ විදේස් රටවල් සමග ඇති කරගත් ගිවිසුම් මඟින් නිල වශයෙන් ලබාගන්නා ලද ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම බව පැවසු ජනාධිපතිවරයා එම රටවල් සමග සාකච්ඡා කර මේ පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟත්වයකට 2023 නොවැම්බර් මාසය වනවිට පැමිණි බවත් ඒ සඳහා පැරිස් සමාජය මෙන්ම එයට අයිති නැති චීනය වැනි රටවල් සමග ද එකඟත්වයට පැමිණ ඇතැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳව දැනට සිදුකළ යුතුව ඇත්තේ ණයහිමි රටවල් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පමණක් බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ඒ සඳහා වූ කෙටුම්පත් පිළිබඳ ශ්‍රී ලංකා රජය නිල ණයහිමියන්ගේ කමිටුව සමග සාකච්ඡා කරමින් සිටින බව ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එමෙන්ම වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය තෙවන අංශය බවත් ජනාධිපතියා කියා සිටියේය.