යුක්‍රේන – රුසියා ගැටුමේ යෙදවීම සඳහා මිනිස් ජාවාරම්කරුවන් විසින් ශ්‍රී ලාංකිකයින් 83 දෙනෙකු යවා ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඉන් 60 දෙනෙකු රුසියාවට යවා ඇති අතර තවත් ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙකු යුක්‍රේනයට යවා ඇති බව පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් සියලු දෙනා හිටපු හමුදා සාමාජිකයන් බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
පොලිසිය පවසන්නේ රුසියාවට යවා ඇති පුද්ගලයින් 6 දෙනෙකුද, යුක්‍රේනයට යවා ඇති පුද්ගලයින් 2 දෙනෙකුද මිය ගොස් ඇති බවයි.

