මෙරට ළමයින් දෙදහසකට ආසන්න පිරිසක් මහා තැලසීමියා රෝගයෙන් පෙලෙන බවට හඳුනාගෙන ඇති බව තැලසීමියා පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඊ. එම් රංජනී එදිරිසූරිය පැවසුවා.
ඊයේට (08) යෙදුණු ජාත්‍යන්තර තැලසීමියා දිනයට සමගාමීව කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදි පැවති මාධ්‍ය හමුවේදි විශේෂඥවෛදයවරිය මේ බව ප්‍රකාශ කළා.
තැලසීමියා යනු ජානමය වෙනසක් මඟින් හිමොග්ලොබින් නිෂ්පාදනයේ දෝෂ ඇති වීම නිසා හටගන්නා රෝගී තත්ත්වයක් වන නිසා මෙම ළමයින් හට විශාල වශයෙන් රුධිරය ලබා දීමට සිදුවන බවද ඇය සඳහන් කළා.
තැලසීමියා රෝගී ප්‍රතිකාර සඳහා වැය වන මුදල නිසා සෞඛ්‍ය පද්ධතියට සැලකිය යුතු බලපෑමක් ඇති වන අතර රෝගී පුද්ගලයන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වලටද විශාල මනෝ සාමාජීය බලපෑමක් ඇතිකරන බව ඇය පැවසුවා.
මෙම තත්ත්වය වළක්වාලීමට රටේ මහා තැලසීමියා උපත් අවම කිරීම වැදගත් වන බවද ඇය අවධාරණය කළේ. ඒ අනුව තැලිසීමියා වාහක තත්ත්වය පෙර හඳුනා ගැනීමේ පරීක්ෂාව මඟින් මහා තැලසීමියා සහිත දරුවන් බිහිවීම වැලැක්විය හැකි බවද ඇය මෙහිදි කියා සිටියා.
සැම කෙනෙකුම විවාහ විමට පෙර තැලසිමියා ආසාදනය වි ඇත්දැයි පරික්ෂා කර බැලිම වැදගත් බවද ඇය මෙහිදි වැඩිදුරටත් සඳහන් කළා.

