Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රටවල් 42ක් පරදා ශ්‍රී ලාංකීය නාමය ඉහළින්ම සනිටුවහන් කළ තුන් නිවුන්නු ශ්‍රී ලංකාවට

3 years ago

චීනයේ පැවති 2024 ලෝක ” නිවුන් මහා සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම ලක් මවට ජයග්‍රහණය රැගෙන දිවයිනට පමිණියා.

ලෝක “නිවුන්” මහා සමුළුවේදී ඉදිරිපත් කළ දේශීය සංස්කෘතිකාංග විදහා දැක්වෙන නර්තනාංගය, එම සමුළුවේ විශිෂ්ඨතම නිර්මාණ තුන අතරට තේරී පත් වී තිබුනා.

චීනයේ යුනාන් ප්‍රාන්තයේ, මෝජෑන් නුවරදී ලෝකයේ රටවල් 42 ක නිවුන්නු දහසකගේ පමණ සහභාගීත්වයෙන් මෙම සමුළුව පවත්වා තිබේ.

මේ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිවුන්නු 06 දෙනෙක් සහ කළමකාරවරයෙක් සහභාගී වී ඇති අතර මෙම සමුළුව අතරතුර පැවති නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්ථාවේ දී, විශිෂ්ඨතම නිර්මාණ ඉදිරිපත් කළ රටවල් ලෙස ශ්‍රී ලංකාව, චීනය සහ රුසියාව තේරී පත්ව තිබෙනවා.