පොල් කැඩීමෙන් පවුලක් නඩත්තු කළ පුද්ගලයෙක් පොල් ගසකින් ඇද වැටී පසුගිය 08 වනදා මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ තිරුවේලී ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පස් දරු පියෙක්.
ඔහු යාපනයේ පුත්තූර් බටහිර ශිව කෝවිල අසල නිවෙස් හිමියෙකුගේ වත්තේ පොල් ගස් වලට නැග පොල් කඩමින් සිටියදී එක් වරම පොල් ගසෙන් ලිස්සා බිමට වැටීමෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ගසෙන් ඇද වැටීමෙන් අනතුරුව ඔහුව අච්චුවේලි රෝහල වෙත රැගෙන යාමට අවට පිරිස් පියවර ගෙන තිබෙනවා.
නමුත් ඒ අවස්ථාව වන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරු ප්‍රකාශ කරන්නේ.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබුණි.

