විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු විසදීම සඳහා වන යෝජනා එළඹෙන සඳුදා දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ඔවුන්ගේ මාසික හිලව් දීමනාව සහ 2016 වසරේ සිට පවතින වැටුප් විෂමතාව සම්බන්ධයෙන් වන යෝජනා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි.
අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සම්මේලනයේ සමලේකම් කේ.එල්.ඩී රිච්මන්ඩ් මහතා පැවසුවේ සිය ගැටලු සඳහා එළඹෙන සඳුදා දිනය වනවිට නිශ්චිත විසඳුමක් ලබානොදුන හොත් වර්ජන ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බවයි.
එමෙන්ම අත්‍යවශ්‍ය සේවාවලින්ද ඉවත්වීමට පියවර ගන්නා බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට මේ වන විට දින 08ක් ගත වී තිබේ.

