Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධික උණුසුමෙන් තවත් පුද්ගලයෙක් මරුට

3 years ago

යාපනය – පුන්නලයි කට්ටුවාන් ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු අධික රශ්මිය හේතුවෙන් ඊයේ (09) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිවඥානම් ජයකුමාර් (45) නැමැති මොහු දහවල් මිතුරන් පිරිසක් සමඟ මත්පැන් පානය කොට නිවසට පැමිණ සිටියදී මිදුලේ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඇගේ දියණිය ඔහුව පරීක්ෂා කිරීමේදී ඔහු සිහිසුන්ව සිටි නිසා වහාම තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කොට ස්වල්ප වේලාවකදී ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය යාපනය ශික්ෂණ රෝහලට යවා සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ අධික රශ්මිය නිසා ඔහු විජලනයෙන් මිය ගොස් ඇති බවයි.

මේ වන විට යාපනයේ පුද්ගලයින් හය දෙනෙකු අධික රශ්මිය හේතුවෙන් මිය ගොස් ඇති බව වාර්තා වේ.