Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හොලිවුඩයේ WSO2 කෝඩ් චැලේන්ජ් ජය ශ්‍රී ලාංකික තරුණයෙකුට! මිලියන සිය ගණනක් වටිනා ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් ත්‍යාගය ලෙස හිමිවෙයි!

3 years ago

ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන පසිඳු ජයවීර හොලිවුඩයේ පැවති WSO2 කෝඩ් චැලේන්ජ් හි ජයග්‍රාහකයා බවට පත්ව තිබේ.

ඔහුට ත්‍යාගය ලෙස රුපියල් මිලියන සිය ගණනක් වටිනා ටෙස්ලා සයිබර් ට්‍රක් රථය පිරි නමා ඇති බව වාර්තා වේ.

WSO2 කෝඩ් චැලේන්ජ් අංගය පසුගිය මැයි 7 වන දා සිට ඊයේ එනම් 9 දක්වා හොලිවුඩයේ, දකුණු ෆ්ලොරිඩා හි සෙමිනොලේ හාඩ් රොක් හෝටලය හි දී පැවැත්විණි.

WSO2 යනු විවෘත මූලාශ්‍ර යෙදුම්, වැඩසටහන් අතුරුමුහුණත් (API) කළමනාකරණ මෘදුකාංග අලෙවි කරන මිඩ්ල්වෙයාර් සමාගමකි.