බදුල්ල – මහියංගණ මාර්ගයේ පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
බදුල්ල පොලිසිය පැවසුවේ රිය අනතුරින් තවත් සිව්දෙනකු බරපතල තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි.
දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස් රථයක් දෙහිඅත්තකණ්ඩිය සිරිපුර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබියදී ඉදිරියෙන් බදුල්ල සිට රිදිපාන දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කීය.
අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි ලෙස අලාභහානි වී ඇති අතර බස්රථ යටද අලාභහානි වී තිබේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථ රියැදුරු බස්රථය සමඟ අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.

