Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයක් WhatsApp ඔස්සේ පිට කරලා! විභාග කොමසාරිස්වරායාගෙන් පැමිණිල්ලක්!

3 years ago

දැනට පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී විභාග මධ්‍යස්ථාන දෙකකදී අක්‍රමිකතා සිදු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

කොළඹ විභාග මධ්‍යස්ථාන දෙකක සහ හසලක ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක මෙම අක්‍රමිකතාවන් සිදුවී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

විභාග අපේක්ෂකයින් විසින් ජංගම දුරකථන සූක්ෂම ලෙස භාවිත කරමින් ඊයේ ලබාදුන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය ජායාරූප ගත කර වෙනත් පාර්ශ්ව වෙත එය යොමුකර පිළිතුරු ලබාගැනීමට උත්සාහ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

විභාග මධ්‍යස්ථාන නිලධාරීන් එම ජංගම දුරකතන සිය භාරයට ගෙන තිබෙනවා.

එම මධ්‍යස්ථාන භාරව සිටි නිළධාරීන් එම ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථාන වෙතද පැමිණිලි කිරීමට පියවර ගෙන තිබෙනවා.