Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ගැටලුව ගැන විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

3 years ago

විභාග අක්‍රමිකතා කිහිපයක් වාර්තා වුවත් ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

ප්‍රශ්න පත්‍රයක රහස්‍ය භාවය ලෙස සැලකෙන්නේ විභාගය ආරම්භ වී පළමු පැය භාගය තුළ බවත් තමාට ලැබී ඇති තොරතුරු අනුව විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර සංසරණය වීමක් පිළිබඳ වාර්තා නොවන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

“දැනට තියෙන කරුණු අනුව කිසිදු තැනක විභාග ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවීමක් හෝ සංසරණය වීමක් වාර්තා වෙන්නේ නෑ. මේ සිදුවීම් සිද්ධවෙන අවස්ථාවේ දී මේ අපේක්ෂකයින් සියලුදෙනා විභාගය ලියමින් සිට ඇති අතර, ඒ වනවිට පැයකට වැඩි කාලයක් ගතවූවාට පසුව තමා මේ සිද්ධි තුනම වාර්තා වෙන්නේ. එතකොට ඒක ප්‍රශ්නපත්‍ර පිටවීමක් ලෙස සලකන්න බෑ. විභාග පනතේ හැටියටත් ප්‍රශ්න පත්‍රයක රහස්‍ය ලේඛනයක් ලෙස සලකනු ලබන්නේ විභාගය ආරම්භ වී පැය භාගයක් යන තුරු. මොකද ඒ පැය භාගය ගතවුණාට පස්සේ අපේක්ෂකයින්ට විභාග මධ්‍යස්ථානයට ඇතුළු වෙන්න අවසරයක් නෑ. මෙතනදි පරිභාහිර පුද්ගලයින්ට ප්‍රශ්නපත්‍රය යන්න පුළුවන්කමක් නෑ. අපේක්ෂකයින්ට ඒ තුළින් විශේෂ වාසියක් ලබාගන්න පුළුවන්කමක් නෑ. මේ කොළඹ ඇතිවුණ සිද්ධි දෙකේදීම අනාවරණය කරගන්න පුළුවන් වුණා ඒ අපේක්ෂකයින්ට ඒ වංචනික ක්‍රියාවේ යෙදෙන්නට පුළුවන් කමක් ලැබුණේ නෑ. මෙවැනි සිද්ධි ගැන දැඩි අවධානයෙන් ඉන්නවා. විශේෂයෙන් ජංගම දුරකථන සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන කාර්ය මණ්ඩල දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම අධීක්ෂණය ශක්තිමත් කරලා තියෙනවා.”

විභාග කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.