පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විරුද්ධව නඩු පැවරීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ එම නාලිකාවේ සජීවී විකාශයක් සඳහා කාලය ලබාගෙන ඊට අදාළ මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙනි.
ඇය විසින් ඓතිහාසික නවගමුව දේවාලයේ පෙරහැර සජීවී ලෙස විකාශනය කිරීම සඳහා එම නාලිකාවේ කාලය ලබාගෙන ඇත්තේ එම මුදල් තමා විසින් පෞද්ගලිකව ගෙවන බවට ලිඛිතවද දැනුම් දෙමිනි.
ජාතික රූපවාහිනිය විසින් එම මුදල ගෙවන ලෙස ඇයට අවස්ථා කිහිපයකදීම දන්වා ඇතත් ඇය විවිධ හේතූ දක්වමින් එම මුදල ගෙවීම පැහැර හැර ඇති බවයි වාර්තා වන්නේ.
ඇය මෙලෙස රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.

