Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධියට ගුරුවරයෙකුගේ හා මවගේ දුරකථන පොලිස් භාරයට

3 years ago

සාමාන්‍ය පෙළ විභාගයට අදාළව ඉංග්‍රීසි විෂය ප්‍රශ්න පත්‍රය පෙරේදා දිනයේ පැවැත්වුණි.

එදින ප්‍රශ්න පත්‍රය බෙදා හැරීමෙන් පසු විභාගය පැවැත්වෙන අතරතුරදීම ප්‍රශ්න පත්‍රය WhatsApp ඔස්සේ හුවමාරුවීමේ සිදුවීම් තුනක් වාර්තා විය.

ඒ කොළඹ, කොටහේන හා හසලක යන ප්‍රදේශවලිනි.

මේ අතර ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය හරහා සංසාරණය වීම සම්බන්ධයෙන් හසලක ප්‍රදේශයේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් කටයුතු කරන උපකාරක පන්ති ගුරුවරයෙකුගේ හා ඔහුගේ මවගේ ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම ඔවුන්ගෙන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය whatsapp සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණි කර ඇති අතර එසේම විභාග දෙපාර්තමේන්තුව විසින්ද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.