Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාමතුරයෙක් නිසා තිදරු මවකට දිවි අහිමි වෙයි

3 years ago

මරදන්කේනි, තලෛයිඅඩි ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි තිදරු මමත් දූෂණය කර මරා දමා තිබේ.

ඇයගේ සිරුර නිවසේ වැසිකිලිය ආසන්නයේ තිබියදී සොයාගෙන ඇත.

ඇයගේ සැමියා ධීවර රැකියාවේ නියුතු අයෙකි.

ඇයගේ සැමියා ධීවර රැකියාව සඳහා ගොස් යළි නිවසට පැමිණි අවස්ථාවේදී කාන්තාව නිවස අසල වැටී සිටිනු දැක ඇති අතර පසුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කර ඇති බව පැවසෙයි.

නමුත් ඒ වන විටත් ඇය මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මළසිරුර සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ එම කාන්තාව දුෂණයට ලක්කර ගෙල සිර කිරීමෙන් ඝාතනය සිදුකර ඇති බවය.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මරදන්කේනි පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.