පොලිස් නිලධාරීන්ට තීරුබදු රහිත යතුරුපැදි ලබා දීම සඳහා පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙනවා.
පොලිස් නිලධාරීන්ගේ හා නිලධාරිනියන්ගේ කාර්යක්ෂමතාවය ඉහළ දැමීම මෙන්ම ඔවුන්ගේ ප්‍රවාහන වියදම් අවම කිරීමේ අරමුණින් මෙම වැඩපිළිව ක්‍රියාවට නැංවීම අරමුණු කරගෙන ඇත
මේ යටතේ පොලිස් නිලධාරීන්ට එන්ජින් ධාරිතාව 100CC යතුරු පැදි සහ පොලිස් නිලධාරිනියන්ට 50CC යතුරු පැදි ලබාදීමට අවධානය යොමු වී ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.
පොලිස් ඉතිරි කිරීමේ සංගමය විසින් ක්‍රියාත්මක කරන ණය ක්‍රමයක් යටතේ ගෙවීමේ ක්‍රමයට මෙම යතුරු පැදි ලබා දීමටයි යෝජනා වී ඇත්තේ.

