Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මේ දවස් වල එලියට යනවා නම් අව් කණ්ණාඩි පළඳින්නලු! ජනතාවට දැනුම්දුන් අලුත්ම උපදෙස් මාලාව මෙන්න!

3 years ago

පවතින අධික අව් රශ්මිය ඇස්වලට හානිකර බැවින් ගමනක් බිමනක් යනවිට කළු පැහැති අව් කණ්ණාඩියක් පැළඳ ගමන් කිරීම ඉතාම සුදුසු බව පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පැවසුවාය.

එසේම මේ දිනවල පවතින අධික අව් රශ්මිය ශරීරයට ද අහිතකර බැවින් අව් රශ්මිය සම තුළට ඒම වළක්වන ක්‍රීම් වර්ග ආලේපනය කිරීම සුදුසු බවත් එය වෛද්‍යවරයකුගේ උපදෙස් අනුව සිදුකරන ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

එමෙන්ම පවතින අධික රස්නය හේතුවෙන් ජලය ලීටර් 2 1/2ක් පානය කිරීම ඉතා සුදුසු වන අතර කොමඩු, තැඹිලි, පිපිඤ්ඤා, කැකිරි වැනි දේවලින් බීම සාදා පානය කිරීම ඉතාම සුදුසු බවයි වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ.

“ඔය සමහර අය සිහි නැතිව ඇද වැටෙන්නෙ ජලය හරි හැටි පානය නොකිරීම නිසයි. කොමඩු, පිපිඤ්ඤා, කැකිරි, තැඹිලි පානය කළාම ඇඟ සිසිල් කරනවා. ඒ වගේම අව් රශ්මිය තියෙද්දි ගමනක් යනකොට තොප්පියක් පැළඳගෙන යන්න. ඇඟට හිරවෙන ඇඳුම් අඳින්න එපා. කපු ඇඳුම් වගේ සැහැල්ලු ඇඳුම් අඳින්න.”