අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ශාලා සුපරීක්ෂණයට අතිරේක නිලධාරීන් යෙදවීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
විභාගයේ මෙතෙක් පැවැති විෂයන් සම්බන්ධයෙන් මේ වන විට උද්ගත වී ඇති විවාදාත්මක තත්වයන් හේතුවෙන් අතිරේක සුපරීක්ෂණ නිලධාරීන් යෙදවීමට විභාග කොමසාරිස්වරයා ජනරාල්වරයා පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
විභාග පනතට අනුව විභාග සම්බන්ධයෙන් සියලුම තීරණ ගැනීමේ අයිතිය විභාග කොමසාරිස් ජනරාල්වරයාට පැවරී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

