සෞඛ්‍ය සේවකයින් හෙට (13) දිනයේ මධ්‍යම පළාතේ රෝහල් තුළ වැඩ වර්ජනයක් සැලසුම් කර තිබෙනවා.
ඒ වෛද්‍යවරුන් සඳහා රුපියල් 35,000කින් ඉහළ දැමූ ප්‍රදාන හා නිර්බාධක දීමනාව හෙවත් ඩැට් දීමනාව තමන්ට ලබා දෙන ලෙස ඉල්ලමින්.
සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් ඒකාබද්ධව මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ලබනවා.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ, මෙම වර්ජනය දිනෙන් දින විවිධ පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

