සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පසුගියදා පැවති විද්‍යා විෂයට අයත් ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලසුමට පරිබාහිරව සකස්කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ මන්ත්‍රිවරයා චෝදනා කරයි.
මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේ විද්‍යා විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයේ බහුවරණ ප්‍රශ්න තුනකට සහ රචනා ප්‍රශ්න තුනක කොටස් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සැලැස්මෙන් බාහිරව ප්‍රශ්න පත්‍රය සකස් කර ඇති බවය.
තමා මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයාගෙන් විමසූ අවස්ථාවේදී විභාගය පවත්වා මාසයකින් පසු සිදුකරන ලකුණු ලබාදීමේ ප්‍රගති සමාලෝචනයේදී මේ පිළිබඳ සාකච්ඡා කර දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස ලකුණු ලබාදීම පිළිබඳ වැඩපිළිවෙළක් සකස් කරන බවට ඔහු පොරොන්දු වූ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

