Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Baby

අලුත උපන් බිළිඳා රෝහලේ දමා පාසල් සිසුවිය රෝහලෙන් පැන යයි! රෝහල් කාර්ය මණ්ඩලය බරපතළ ගැටලුවක!

3 years ago

යාපනයේ පාසල් සිසුවියක දරුවකු ප්‍රසූත කර රෝහලේ දමා පලා ගිය පුවතක් යාපන රෝහලෙන් වාර්තා වේ.

සිසුවිය සිය මව සමග රෝහලට ඇතුලත්වී ඇති අතර එහිදී ඇය දරුවා ප්‍රසුත කොට තිබේ.

ඇය බාලවයස්කාරියක බව දැනගැනීමෙන් අනතුරුව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බවට පොලිසියෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.

ඊට කැමැත්ත පළකළ එම ළමා මව වැසිකිළි ගොස් විනාඩි කිහිපයකින් අදාළ ස්ථානයට පැමිණෙන බව පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇතත් ඇය පැමිණ නැත.

පසුව මේ ගැන විපරම් කොට බැලීමේදී අලුත උපන් දරුවා ඇඳ මත තබා ළමා මවත් ඇගේ මවත් රෝහලෙන් පළාගොස් ඇති බව තහවුරු වී තිබේ.

රෝහලට ඇතුළත්වීමේදී ඇය විසින් ව්‍යාජ තොරතුරු ලබාදීම හේතුව රෝහල් කාර්ය මණ්ඩලයද දැඩි අපහසුතාවයකට මුහුණ දී තිබේ.