Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නුගේගොඩ පාසල් ඉදිරිපිට විරෝධතා තහනම් කරමින් අධිකරණයෙන් වාරණ නියෝගයක්

3 years ago

විරෝධතා පා ගමනක නිරත වීම වළක්වමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුලා විද්‍යාලය, සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලය, සුජාතා බාලිකා විද්‍යාලය, ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය අසල විරෝධතා පැවැත්වීම වළක්වමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ නාවල විවෘත විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවයකට එරෙහිවයි මෙම වාරණය නිකුත් කර තිබෙන්නේ.

එමෙන්ම අනධ්‍යයන වෘත්තීය සමිති කිහිපයකට ද මෙම වාරණ නියෝගය අදාළ වේ.