කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 18ක් පමණ වයසැති ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුලියාපිටිය පොලිසිය කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි මමෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම, මනුෂ්‍ය ඝාතනය සිදුකර අපරාධය වසන් කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
පසුගිය 22 වනදා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා සිය පෙම්වතිය බැලීම සඳහා කුලියාපිටිය වස්සාවුල්ල ප්‍රදේශයට ගොස් සිටිය දී අතුරුදන්වු තරුණයාගේ මළ සිරුර හලාවත මාදම්පේ ප්‍රදේශයේ තිබී පසුගිය දා සොයා ගැනුණි.
සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය වස්සාවුල්ල පදිංචි පෙම්වතියගේ පියා වන සුජිත් ප්‍රනාන්දු නොහොත් ‘සිඟිති’ නමැත්තා සහ ඔහුගේ බිරිඳ වන දිලානි රසිකා යන අය මීටපෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

