දරුවන් ජංගම දුරකථනවලට ඇබ්බැහි වීම නිසා විශාදය වැනි රෝගාබාධවලට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා.
ප්‍රධාන පුවත්පතකට අදහස් දක්වමින් වෛද්‍යවරයා සඳහන් කර තිබුණේ ජංගම දුරකථන භාවිතය මගින් දරුවන්ගෙන් නිර්මාණශීලී හැකියාවන් අඩුවන බවයි.
මනෝ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියා.
“දරුවන් ජංගම දුරකථනයට ඇබ්බැහි වීම නිසා ඔවුන්ට පාඩම් කරන්න තියෙන ඉඩ, සෙල්ලම් කරන්න තියෙන ඉඩ යාළුවෝ ඇසුරු කරන්න තියෙන ඉඩ, එදිනෙදා ජීවිතය ගත කරන්න තියෙන ඉඩ අහිමි වෙලා ගිහින්.
මේ තත්ත්වයන් තුළ අද සමහර දරුවන්ට ජංගම දුරකථනය ද නැතිවම බැරිව ගිහින්. ඔවුන්ට ජංගම දුරකථනය ලබානොදුන්නාම තරහ වෙන්න පුළුවන්. අම්මලාව හතුරෝ වගේ පේන්න පුළුවන්. විශාදය වගේ රෝගවලට භාජනය වෙන්න පුළුවන්.
විශේෂයෙන්ම මේක මොළයට බලපාලා දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාව, පරිකල්පන හැකියාව, සිතීමේ හැකියාව අඩු වෙනවා.”

