Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැයි රැළියට තම මාමණ්ඩිය රැගෙන යාමට උරණ වූ මාලිමා පාක්ෂිකයා සජබ අපේක්ෂකයාට පහර දෙයි! මාමණ්ඩිය නිවසින් පන්නා දමලා!

3 years ago

මැයි රැළියට තම මාමණ්ඩිය රැගෙන යාම පිළිබඳව උරණ වූ පුද්ගලයෙකු බුලත්සිංහල සමගි ජන බලවේගය පළාත් පාලන අපේක්ෂකයකුට පහර දී තිබේ.

මෙම පාර කෑමට ලක් වූ පුද්ගලයා පසුගිය මැයි පළමු වනදා තම ඥාති වැඩිහිටියෙකුද මැයි දින පෙළපාලියට රැගෙන ගොස් තිබිණි.

ඒ පිළිබඳව කුපිත වූ එම වැඩිහිටි පුද්ගලයාගේ බෑණා එම වැඩිහිටියාව නිවසින්ද පන්නා දමා සජබ අපේක්ෂකයාගේ නිවසට පැමිණ තර්ජනය කර පහරදීමක් සිදු කර තිබෙනවා.

පහර කෑමට ලක් වූ පුද්ගලයා ඒ පිළිබඳව පොලිසියටද පැමිණිලි කර රෝහල්ගත වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු චෝදනා කරන්නේ තමාට පහර දුන් පුද්ගලයා ජාතික ජන බලවේගයේ ආධාරකරුවෙකු බවයි.

පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.(aruna)