පැය 24ක කාලයක් තුළ වයස අවුරුදු 16ට අඩු බාල වයස්කාර පාසල් සිසුවියන් හත් දෙනෙකු බලහත්කාරයෙන් අපයෝජනයට ලක් කර තිබෙනවා.
ඔවුන් වයස අවුරුදු 12, 14, 10 සහ 15 යන වයස් කාණ්ඩවල පසු වූ අය බවයි, පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
මනම්පිටිය, මාන්කුලම්, රත්නපුරය, වැල්ලම්පිටිය, වෙලාවලී සහ මහනුවර ප්‍රදේශවලින් මෙම සිදුවීම වාර්තා වී ඇති බව සඳහන්.
ඊට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සෙසු සැකකරුයන් ප්‍රදේශය අතහැර පළා ගොස් ඇති බව සඳහන්. ඔවුන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

