Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ ලියන්න පාසලට දෙමාපියන් ගෙනවිත් දැමූ සිසුවියන් දෙදෙනා අතුරුදහන්! පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්!

3 years ago

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඊයේ (14) දින විභාග මධ්‍යස්ථානය වෙත පැමිණි පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බව පවසමින් ඔවුන්ගේ භාරකරුවන් විසින් ගිනිගත්හේන පොලීසියට පැමිණිලි කර තිබේ.

අදාළ සිසුවියන් දෙදෙනා ඊයේ උදෑසන විභාගයට පෙනී සිටීම සඳහා අඹගමුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇත.

ඉන් එක් සිසුවියක් දෙමාපියන් සමග විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

ගිනිගත්හේන, අග්‍රඔය සහ නාවලපිටිය නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචි එම සිසුවියන් දෙදෙනා මිතුරියන් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඔවුන් දෙදෙනා විභාග මධ්‍යස්ථානය අසල විභාගය ආරම්භ වීමට පෙර කතා කරමින් සිටි බවට සිසුන් කිහිපදෙනෙකු දැක ඇත.

ඉන් මද වේලාවකට පසු ඔවුන් නාවලපිටිය නගරයේ නිල ඇඳුමින් සිට ඇති බවත් සිදුකළ මුලික විමර්ශනවලදී පොලීසියට අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.