Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්

3 years ago

මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය නැවත ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සංවිධානය කළ විරෝධතාවක්

හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

“අල්ලස් දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය” විසින් අද (15) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

විරෝධතාවය ආරම්භ කිරීමත් සමග පොලීසිය විසින් බැනර් හකුළා ඉවත් කළ අතර, එහිදී විරෝධතාකරුවන් සමග උණුසුම් තත්ත්වයක් ඇති වු බවට වාර්තා වනවා.

පසුව විරෝධතාකරුවන් විසින් ජනාධිපති අතිරේක ලේකම් කපිල මුණසිංහ මහතා වෙත සංදේශයක් භාරදෙනු ලැබුවා.