අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වූ අතර විභාගයට මුහුණ දුන් සිසුන්ට අදාළ උසස් පෙළ පන්ති ලබන ජූනි මස 4 වැනිදා ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
සාමාන්‍ය පෙළ විභාගය පසුගිය 06 වැනිදා ආරම්භ වූ අතර එම විභාගය ඊයේ දිනයෙන් අවසන් වුණා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය නිම වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි විය.
ලංකා ගුරු සංගමය පවසන්නේ මෙලෙස සාමාන්‍ය පෙළ විභාගය නිම වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීම නිසා මතුවන ගැටලුවලට අධ්‍යාපන අමාත්‍යාංශය නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.

