සිය සේවයට සරිලන වැටුප් ලබා නොදීම, දීමනා ඉහළ නොදැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පසුගිය 14 වනදා ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වුණා.
එවන් පසුබිමක තමන් මුහුණ දී ඇති ගැටලු සඳහා කඩිනම් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත විදුලි පණිවුඩ 10,000 ක් යැවීමට කටයුතු කරන බවයි ග්‍රාම නිලධාරී ඒකාබද්ධ වෘත්තිය බල මණ්ඩලය සඳහන් කළේ.
ග්‍රාම නිලධාරීවරුන්ගේ වර්ජනය හේතුවෙන් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත් විය.

