සේවා ව්‍යවස්ථාවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ග්‍රාම නිලධාරීන් ආරම්භ කළ තෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ දිනය දක්වා ක්‍රියාත්මක වුණා.
මෙම වර්ජනය හේතුවෙන් නිවෙස්වල සිදුවන ස්වභාවික මරණවලට අදාළ කටයුතු සිදුකරගෙන යෑමට නොහැකිව ඇතැම් ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයන්ට මුහුණදුන් සිදුවීම් වාර්තා වනවා.
එවැනි සිදුවීමක් පානදුර බටහිර 672 ඩී ග්‍රාම නිලධාරී වසමෙන්ද වාර්තා විය.
72 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයකු නිවසේදී මියගොස් ඇති අතර නිවැසියන් ග්‍රාම නිලධාරීවරයා සම්බන්ධ කරගැනීමට නොහැකිව අපහසුතාවට පත්විය.
ප්‍රදේශවාසීන්,
“ග්‍රාම නිලධාරීන්ගේ ප්රශ්නය බලපාන්නේ මිනිස්සුන්ට. එදාවේලත් අමාරුවෙන් කන මිනිස්සු මේ වගේ දේවල් වුණාම දැඩි ලෙස අසරණ වෙනවා.”
“ග්‍රාම නිලධාරීවරයා එන්නම් කියලා කිව්වා. ඒත් තාම නැහැ. වැඩවර්ජන කියලා කිව්වට වැඩක් නැහැනේ. මිනිහෙක් අසරණ වුණාම පොඩ්ඩක් බලන්න ඕනේ.”
සිය සේවයට සරිලන වැටුප් ලබා නොදීම, දීමනා ඉහළ නොදැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය දීප ව්‍යාප්තව මෙම වර්ජනය දියත් කෙරුණි.

