Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ විභාගයෙ තවත් ප්‍රශ්න පත්‍රයක ගැටලුවක් මතුවෙයි

3 years ago

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ භුගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ කොටසක් සිසුන් පිරිසකට ලබානොදීමේ සිද්ධියක් වාර්තා වනවා.

ඒ මිනුවන්ගොඩ අල්අමීන් මුස්ලිම් විද්‍යාලයෙන්.

මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එම විභාග මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරීන්ගෙන් මේ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇති බව සඳහන් ය.

එම ප්‍රශ්න පත්‍රය සඳහා මුහුණ දුන් කිසිඳු අපේක්ෂකයෙකුට ආසාධාරණයක් නොවන අයුරින් කටයුතු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ගැටලුකාරී තත්ත්වයන් රැසක් වරින් වර වාර්තා වූ අතර ඒ සියල්ලම සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂණයන් සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.